Sunday, January 1, 2017

ඔබේ නගරය අවට සිටින දක්ෂ වෘත්තීමය ඡායාරූප ශිල්පීන් Picture.lk තුලින් පහසුවෙන් සොයාගන්න

ඔබේ නගරය අවට සිටින දක්ෂ වෘත්තීමය ඡායාරූප ශිල්පීන් Picture.lk තුලින් පහසුවෙන් සොයාගන්න 






සුභ අලුත් අවුරුද්දක් ඔබ සැමට ! Picture.lk කියන්නේ ලංකාවේ ඕනෑම කෙනෙක්ට ඔවුන් ලබාගත් ඡායාරූප නිදහසේ බෙදාගන්න නිර්මාණය කළ වෙබ් අඩවියක්...අද වෙනකොට දේශීය සහ විදේශීය අන්තර්ජාල බාවිතා කරන්නන් විශාල සංඛ්‍යාවක් වෙබ් අඩවිය භාවිතා කරනවා ශ්‍රී ලංකාවේ ඡායාරූප නරඹන්න..අප වෙබ් අඩවිය විසින් සාමාජිකයින්හට විවිධ වැඩසටහන් ආරම්භ කරලා තියනවා ඔවුන්ගේ ඡායාරූප වලින් උපරිම ප්‍රයෝජනයක් ලබා ගන්න හැකිවන පරිදි.. 

සාමාජිකයින් අතරේ ශ්‍රී ලංකාවේ ඉන්න වෘත්තීමය ඡායාරූප ශිල්පීන් දහහස් ගනනක් අප වෙබ් අඩවිය භාවිතා කරනවා....ඉතින් අපි හිතුවා ඔවුන් වෙනුවෙන්ම අලුත් වැඩසටහනක් නිර්මාණය කරන්න..

ඔබත් දක්ෂ ඡායාරූප ශිල්පියෙක්නම් ඔබටත් එකතුවෙන්න පුළුවන් ඔබේ ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න..මේ සදහා අප විසින් කිසිදු මුදලක් ලබා නොගන්නා අතර සම්පූර්ණ සේවාව නොමිලයේ ඔබට ලබා දී තිබේ..ඔබත් උත්සව අවස්ථා හෝ මංගල ඡායාරූප ලබාගන්න  ඡායාරූප ශිල්පියෙක්නම් ඔබටත් දැන්ම මේ වැඩසටහනට එක්වෙන්න පුළුවන්..

ඔබ ඡායාරූප ශිල්පියෙක් සොයනවානම් ඔබට මෙම සේවාව තුලින් පහසුවෙන්ම දක්ෂ ඡායාරූපශිල්පියෙක් ‍තෝරාගන්න පුළුවන්.. ඔවුන්ගේ ඡායාරූප නරඹන්නත් , ඔවුන් සමහ කතාබහ කරන්නත් , ඔබ නගරය අවට සිටින ඡායාරූප ශිල්පීන්වද මෙමගින් පහසුවෙන් සොයාගන්න පුළුවන්.. මේ සදහාද අප වෙබ් අඩවිය විසින් නොමිලේ සේවාව සපයනවා.. ඔබට දක්ෂ වගේම පළපුරුදු ඡායාරූප ශිල්පියෙක් මේ වැඩසටහන මගින් පහසුන් සොයාගන්න පුළුවන්..

ඉදිරියේදී ඡායාරූප ශිල්පීන් වෙන්කරවා ගැනීමටත් , ඔවුන්ට මුදල් ගෙවීමටත් හැකිවන පරිදි නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා..ඒ වගේම තවත් විශේෂාංග කිහිපයක් ඇතුලත් කරන්න අප සූදානමින් සිටිනවා..

ස්තූතියී..

කාර්‍ය මණ්ඩලය