Tuesday, December 19, 2017

ඔවුන්ගේ ටකරන් මුඩුව වෙනුවට පන්ති කාමරයක් හදන්න ඔබත් දායක වෙන්න

ගුරු ගෙදරට සෙවනක් වෙමු ! 



අව් වැසි සමග පොර බඳිනා සීතල සුළං වැසි සමඟ සටන් වදින අප රටේ තවත් එක් පාසලක සිසු දරුකැළකගේ එකම අපේක්ෂාව ඉ‍ටු කිරීමේ මහා ප්‍රයත්නය අපගේ මෙම වෑයම එවන් සිසු දරු කැළකගේ නැණස් පෑදීමට සහායක් ලෙස ඔවුන්ගේ අපේක්ෂාව සාත්ශාත් කරණයටයි..





බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල අධ්‍යාපන කළාපයේ පොල්ගහාඅරාව ග්‍රාමයේ මහ විලය නම් වූ මෙම පාසල සිසුන් 158කින් හා ගුරුවරුන් 12 ගෙන් යුත් කුඩා පාසලකි, එහි සිසුන් හට ඉගැනීම සඳහා ගොඩනැගිලි දෙකක් පමණක් තිබෙන අතර , අනෙකුත් ගොඩනැගිල්ලේ කාර්යාලය සහ පුස්තකාලය පවත්වාගෙන යනු ලබයි.එහි හතර ශ්‍රේණිය සඳහා පන්තිකාමරයක් මේ වන විට නොමැති හෙයින් ඒ සඳහා තහඩු සෙවිළි කළ සැකසු මඩුවක පන්තිකාමරය පවත්වාගෙන යනු ලබයි. ඉදිරි වසරේ දී ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටීමට නියමිත මෙම සිසු දරු කැළට මෙම පන්ති කාමරය සකසා දීම අපගේ මූලික අපේක්ෂාවයි..

මෙම පාසල අප විසින් ප්‍රතම වරට 2017/11/10 වන දින සිට 2017/11/12 වන දින තෙක් තින තුනක " සැමට අධ්‍යාපන සංකල්පය " යටතේ ව්‍යාපෘතියක් මගින් දැනට පවතින එක් පංති කාමරයක් හා ක්‍රීඩා පිටිය අලුත්වැඩියා කරන ලදි..එහි දෙවන අදියර ලෙස ඉහත සඳහන් ව්‍යාපෘතිය අප විසින් ‍තෝරා ගෙන ඇති ඒ සඳහා වැය වන මුදල දැනට ඇස්තමේන්තුකරෑති අකාරයට රුපියල් ලක්ෂ 4ක් පමණ වැය වේ..එම නිසා ඒ සඳහා ඔබේ සියළු දෙනාගේ හැකි පමණ ආධාරය හා උපකාරය මෙම සත්ක්‍රිකාවට දායක කරන ලෙස ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමු..

පහතින් දිස්වන්නේ හෙට දින ලොව බැබලීමට  වෙර දරණ කුඩා දරුවන් හා අප විසින් සදා දීමට නියමිත අංග සම්පූර්ණ පන්ති කාමරයේ දළ සැළැස්සමයි..



නාගරික සිසුන් සුවපහසු අසුන් වල හිදිමින් සුවසේ ආරක්ෂිත පන්ති කාමර වල ඉගෙනුම ලැබුවද , මෙම දරුවන් ටකරන් මඩුවල  හිදිමින් සිය අනාගතය ජයග්‍රහණය කිරීම උදෙසා ප්‍රයත්න දරමින් දිඳින දුක් ගැහැට ලොවක් නොදකින්නේ මන්ද? මෙසේ ලක් දරුවන් කුඩම්මාගේ සැළකිලි ලබමින් ළමා දිවිය අනියත බියකින් වෙළා තිබිය ය්තුද? හෙට ලොව භාර ගැනීමට සිටින පුංචි මල් කැකුළුවන් දුවාදරුවන්ගේ අනාගතය සුරක්ෂිතව තැබීමට ඔබට අපට යුතුකමක් ඇත..ඒ නිසා ඔබත් අපත් ඒ යුතුකම ඉ‍ටුකිටීමට එක්වෙමු.පොල්ගහාරාව විද්‍යාලයේ ඉදිකිරීමට අපේක්ෂිත සුරක්ෂිත නව පන්ති කාමරය ඉදි කිරීමේ මහා පුණ්‍යකර්මයට දායක වී ඔබත් අප හා පින්කෙත් වපුරවමු...

වැඩි විස්තර සඳහා
078 918 7791 / 0716787930  
( ගනිදු ප්‍රේමචන්ද්‍ර )



Sunday, January 1, 2017

ඔබේ නගරය අවට සිටින දක්ෂ වෘත්තීමය ඡායාරූප ශිල්පීන් Picture.lk තුලින් පහසුවෙන් සොයාගන්න

ඔබේ නගරය අවට සිටින දක්ෂ වෘත්තීමය ඡායාරූප ශිල්පීන් Picture.lk තුලින් පහසුවෙන් සොයාගන්න 






සුභ අලුත් අවුරුද්දක් ඔබ සැමට ! Picture.lk කියන්නේ ලංකාවේ ඕනෑම කෙනෙක්ට ඔවුන් ලබාගත් ඡායාරූප නිදහසේ බෙදාගන්න නිර්මාණය කළ වෙබ් අඩවියක්...අද වෙනකොට දේශීය සහ විදේශීය අන්තර්ජාල බාවිතා කරන්නන් විශාල සංඛ්‍යාවක් වෙබ් අඩවිය භාවිතා කරනවා ශ්‍රී ලංකාවේ ඡායාරූප නරඹන්න..අප වෙබ් අඩවිය විසින් සාමාජිකයින්හට විවිධ වැඩසටහන් ආරම්භ කරලා තියනවා ඔවුන්ගේ ඡායාරූප වලින් උපරිම ප්‍රයෝජනයක් ලබා ගන්න හැකිවන පරිදි.. 

සාමාජිකයින් අතරේ ශ්‍රී ලංකාවේ ඉන්න වෘත්තීමය ඡායාරූප ශිල්පීන් දහහස් ගනනක් අප වෙබ් අඩවිය භාවිතා කරනවා....ඉතින් අපි හිතුවා ඔවුන් වෙනුවෙන්ම අලුත් වැඩසටහනක් නිර්මාණය කරන්න..

ඔබත් දක්ෂ ඡායාරූප ශිල්පියෙක්නම් ඔබටත් එකතුවෙන්න පුළුවන් ඔබේ ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න..මේ සදහා අප විසින් කිසිදු මුදලක් ලබා නොගන්නා අතර සම්පූර්ණ සේවාව නොමිලයේ ඔබට ලබා දී තිබේ..ඔබත් උත්සව අවස්ථා හෝ මංගල ඡායාරූප ලබාගන්න  ඡායාරූප ශිල්පියෙක්නම් ඔබටත් දැන්ම මේ වැඩසටහනට එක්වෙන්න පුළුවන්..

ඔබ ඡායාරූප ශිල්පියෙක් සොයනවානම් ඔබට මෙම සේවාව තුලින් පහසුවෙන්ම දක්ෂ ඡායාරූපශිල්පියෙක් ‍තෝරාගන්න පුළුවන්.. ඔවුන්ගේ ඡායාරූප නරඹන්නත් , ඔවුන් සමහ කතාබහ කරන්නත් , ඔබ නගරය අවට සිටින ඡායාරූප ශිල්පීන්වද මෙමගින් පහසුවෙන් සොයාගන්න පුළුවන්.. මේ සදහාද අප වෙබ් අඩවිය විසින් නොමිලේ සේවාව සපයනවා.. ඔබට දක්ෂ වගේම පළපුරුදු ඡායාරූප ශිල්පියෙක් මේ වැඩසටහන මගින් පහසුන් සොයාගන්න පුළුවන්..

ඉදිරියේදී ඡායාරූප ශිල්පීන් වෙන්කරවා ගැනීමටත් , ඔවුන්ට මුදල් ගෙවීමටත් හැකිවන පරිදි නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා..ඒ වගේම තවත් විශේෂාංග කිහිපයක් ඇතුලත් කරන්න අප සූදානමින් සිටිනවා..

ස්තූතියී..

කාර්‍ය මණ්ඩලය