Facebook සහ Instagram කියන්නේ අද ගොඩක් දෙනෙක් පාවිච්චි කරන සමාජ ජාලා වෙබ් අඩවි.ඉතින් ගොඩක් දෙනෙක් මේ වෙබ් අඩවි හරහා ඡායාරූප හුවමාරු කරගන්නවා..නමුත් ඔබ නොදැනුවත්වම ඔබ ලබාගත් ඡායාරූප වලට වටිනාකමක් ලැබෙන්නේ නෑ..ඒ ඔබ ලබාගත් ඡායාරූප දකින පිරිස සීමිත සංඛ්‍යාවක් නිසාත් , එම ඡායාරූප අන්තර්ජාල සෙවීම් යන්ත්‍ර වලට හසු නොවන නිසාත්.. Facebook වගේම ගොඩක් දෙනෙක් Instagram ඡායාරූප බෙදා ගැනීමේ වෙබ් අඩවියත් තමන්ගේ වගේම ඡායාරූප ශෙයා කරන්න යොදා ගන්නවා.. නමුත් ඔබ ලබාගත් ඡායාරූප නරඹන්නන් පිරිස සහ එම ඡායාරූප වලින් ප්රෝයෝජන ගන්නා පිරිසනම් අඩුයි.මොකද එම ඡායාරූප නරඹන්න ඔබේ මිතුරෙක් වීමට අවශ්‍ය නිසාත්, තවත් කෙනෙක්ට පහසුවෙන් එම ඡායාරුප මෙම සමාජ ජාලා වෙබ් අඩවි වලින් පහසුවෙන් සොයා ගැනීමට අපහසු වීමත් නිසා..
ඉතින් ඔබ ලබාගත් ඡායාරූප වලට ලොකු වටිනාකම් ලැබෙන්නේ නෑ..දැන් අපි ඔබට කියන්න යන්නේ එහෙම වටිනාකමක් ලැබෙන්නේ නැති ඡායාරූප වලට වටිනාකම් ලබා ගන්න හදපු අපේ රටේ වෙබ් අඩවියක් ගැන..
Picture.lk කියන්නේ 2013 වසරෙදි නිර්මාණය කරපු වෙබ් අඩවියක් වගේම අද වෙන විට ලංකාවේ තිබෙන විශාලතම ඡයාරූප වෙබ් අඩවිය.ගොඩක් දෙනෙක් කියන්නේ ලංකාවේ ඡායාරූප ඇල්බමය කියලා. ඉතින් අපි මේ වෙබ් අඩවිය නිර්මාණය කරන්න ප්‍රධාන අරමුණ තමයි කෙනෙක් ගත්තු ඡායාරූපයක් තවත් කෙනෙක්ට ප්‍රොයෝජනයක් ලබා ගන්න පුළුවන් ආකාරයට නිර්මාණය කිරීම..ශ්‍රී ලංකාව කියන්නේ ලෝකයේ තියන් ලස්සනම රටක් වගේම දෙස් විදෙස් සංචාරකයින්ගේ පාරාදිසයක්.ඉතින් ලංකාවේ වගේම ගොඩක් විදේශිකයෝ ලංකාව ගැන විස්තර සොයනවා, ඡායාරූප බලනවා..මෙහෙම ගවේෂණය කරන අයට වෙබ් අඩවිය විශාල දායකත්වයක් දක්වනවා..ලංකාවේ බොහෝ ස්තාන වල ඡායාරූප වගේම කෙනෙට ප්‍රයෝජනවත් ඡායාරූප දහස් ගනන් එකතු කරලා තියෙන්නේ අපේම ශ්‍රී ලාංකිකයන්..ඕනම කෙනෙක්ට Picture.lk ගිණුමක් පහසුවෙන්ම නිර්මාණය කරලා තමන් ලබාගත්තු ඡායාරූප එකතු කරන්න පුළුවන්..
පහත ඡායාරූපයේ තියෙන්නේ එසේ එකතු කරන ඡයාරූප ඇතුලත් ඔබේ ගිණුමයි..
පහත දැක්වෙන්නේ ඊට උදාහරණ කිහිපයක්
මේ වගේ දිනකට දහස් විශාල සෙවීම් ප්‍රමාණයක් සිදුවන බව අප විසින් සොයාගෙන තිබෙනවා..ඒ අනුව බොහෝ දෙනෙක්ට ඔබ විසින් ලබා ගත් ඡායාරූප බොහෝ උප කාරි වෙනවා..
ඔබත් ඔබේ ජංගම දුරකථනයෙන් වගෙම කැමරාවෙන් ලංකාවේ විවිද ස්තාන වගෙම වටිනා ඡායාරූප ලබා ගෙන ඇති එසේනම් එම ඡායාරූප වලට වටිනාකමක් ලබා ගන්න ඔබත් දැන්ම වෙබ් අඩවියට එක්වන්න.
වෙබ් අඩවියෙන් ලබා ගන්න පුළුවන් ප්රෝයෝජන ගොඩක් තිබෙනවා ඒ පිළිබදව වැඩි විස්තර සදහා මෙතනින් පිවිසෙන්න