Wednesday, July 1, 2015

banggood.com වෙළද භාණ්ඩ ඔබේ Picture.lk ගිණුම හරහා විකුණා මුදල් සොයමු

Banggood.com වෙළද භාණ්ඩ ඔබේ Picture.lk ගිණුම හරහා විකුණා මුදල් සොයමු




වෙබ් අඩවිය විසින් එහි සමාජිකයින්ට මාසිකව මුදල් සෙවීමේ ක්‍රමයක් මීට පෙරද ඉදිරිපත් කර ඇත.එම විස්තර සදහා මෙතනින් පිවිසෙන්න.. 

මෙම ක්‍රමය මගින්ද ඔබට මුදල් සෙවීමට අමතර වෙහෙසීමක් අවශ්‍ය නැත.picture.lk වෙබ් අඩවිය Banggood.com වෙබ් අඩවිය සමග එක්වී තවත් මුදල් සෙවිය හැකි පහසු ක්‍රමයක් හදුන්වා දුන්නා..Banggood.com වෙබ් අඩවිය කියන්නේ Ebay වෙබ් අඩවිය වාගේ Online Shoping වෙබ් අඩවියක්.. මෙහිදි සිදුවන්නේ ඔබ ඔවුන්ගේ බාණ්ඩ වල දැන්වීමක් ඔබේ Picture.lk ගිණුමට ඇතුලත් කිරීමයි.. ඉන් පසු ඔබ එක් කරන ලද කේතයට අදාලව එම දැන්වීම ඔබ එක් කර ඇති ඡ්යාරූප පි‍ටුවේ දිස්වෙනවා.. 

( පහත පින්තූරය නරඹන්න.. )


පුද්ගලයෙකු ඔබගේ දැන්වීම් බැනරය හරහා ගොස් එම වෙබ් අඩවියෙන් භාණ්ඩ මිලට ගත්පසු ඔබට එම භාණ්ඩයට අදාලව ලකුණු හිමි වෙනවා.. එම ලකුණු ඔබට මුදල් වලට හුවමාරූ  කළ හැක , නැත්තනම් එම වෙබ් අඩවියෙන්ම ඔබට භාණ්ඩ මිළදීගත හැක, නැතහොත් එම ලකුණු වලින්  යොදවා භාණ්ඩ මිළදී ගැනීමට කූපන් ලබාගන්නටද පුලුවන්..ඔබ මුදල් ලබා ගන්නේ නම් ඔවුන් ඔබට පේපෑල් හෝ වෙස්ටන් යූනියන් හරහා මුදල් ගෙවනු ලබනවා..මේ සියල්ල ලබා ගැනීමට ඔබට වෙබ් අඩවිය මගින් අවස්ථාව ලබා දී තිබේ..මෙම වැඩසටහනට එක්වීමට ඔබටත් පුළුවන්..ඒ සදහා පහත සදහන් මූලික අවශ්‍යතා සපුරා ගන්න

1.ඔබ විසින් ලබාගත් ඡායාරූප ඇතුලත් Picture.lk ගිණුමක්.

( ඔබගේ ඡායාරූප වලට මුදලින්ද වටිනාකමක් ලබා ගැනීමටද , අධ්‍යාපනික සහ අන්තර්ජාලයේ සැරිසරන්නෙකුට ඔබේ ඡායාරූපයෙහි වටිනාකම වැඩි කරගන්න ඔබ සතුව පවතින ඡායාරූප එක්කරන්න..ජංගම දුරකතනයෙන් හෝ කැමරාවකින් ගත් ඔබේම ඡායාරූප පමනක් එකතු කර හැක.ඔබේ ඡායාරූප නරඹන පිරිස වැඩිවන තරමට ඔබේ ආදායමද වැඩි වේ,එම නිසා ඔබ ලබාගත් ඡායාරූප වලට අදාල මාතෘකා යොදන්න..එමගින් සියළු දෙනාට එයින් ගත හැකි ප්‍රයෝජනය වැඩි වේ.. )


2.පළමුව Banggood.com වෙබ් අඩවියට පිවිස ගිණුමක් සකස් කරගන්න.මෙහිදි ඔබේ නිවැරදි තොරතුරු  ලබා දෙන්න.

මෙම මූලීක අවශ්‍යතා සපුරාගත් පසු ඔබට එම වෙබ් අඩවියේ ඇති දැන්වීම් කේතය  පහසුවෙන් ලබා ගත හැක..එය ලබා ගන්නා ආකාරය පහතින් දැක්වේ

2 : 1 ඔබේ ගිණුමට ඇතුලුවන්න.ඉන්පසු My AccountReferral Code & Report යටතේ පි‍ටුවට පිවිසෙන්න..  හෝ මෙතනින් පිවිසෙන්න ( පහත ඡායාරූපයේ අංක 1 ස්ථානය )



2. :2 Banner Referral Code මත ක්ලික් කරන්න.. හෝ මෙතනින් පිවිසෙන්න.. ( ඉහත ඡායාරූපයේ අංක 2 ස්ථානය )

2 : 3  Please select a image size and a type ස්ථානයට බැනරයේ ප්‍රමාණය  300x250 , 250x250 or 290 x 200 ලෙස ලබා දෙන්න..  ( ඉහත ඡායාරූපයේ අංක 3 ස්ථානය )

2 : 4 ඉහත සදහන් ආකාරයට ඔබ දැන්වීමේ ප්‍රමාණය සැකසුපසු ඊට අදාලව  බැනරයන් දිස්වේ..එයින් ඔබට කැමති එක බැනරයක් පමණක් යොදාගන්න.. බැනරයේ කේතය ලබා ගැනීමට යන්න ක්ලික් කරන්න.. ( ඉහත ඡායාරූපයේ අංක 4 ස්ථානය )

ඉන්පසුව ඔබ විසින් ලබාගත් දැන්වීම් කේතය ඔබගේ Picture.lk ගිණුමට එකතු කරන්න.. ඒ සදහා Menu යටතේ Earn Money යන්න ක්ලික් කරන්න.. නැත්නම් මෙතනින් පිවිසෙන්න..

ඔබ ඉහත ආකාරයට සියල්ල නිවැරදිව සිදුකරානම් ඔබේ ඡායාරූප පි‍ටුවේ දකුණු පැත්තේ එම දැන්වීම් දිස් වෙනවා..ඔබගේ එම දැන්වීම් ක්ලික් කර ඒ හරහා ගොස් පුද්ගලයින් භාණ්ඩ මිලදී ගත් විට ඉහත සදහන් අකාරයට ඔබට ලකුණු ඔබේ ගිණුමට එකතු වෙනවා.එම විස්තර නැරඹීමට Banggood වෙබ් අඩවියේ  Banner Click Report වෙත පිවිසෙන්න..


මේ පිළිබද ගැටළුවක් ඇත්නම් අප හා සම්බන්ද වන්න
[email protected]

ඔබට සුභ පැතුම් !
Picture.lk කාර්‍ය මණ්ඩලය