Thursday, June 13, 2019

ඡායාරූප විකුණා පහසුවෙන්ම මුදල් උපයන්න දැන් පුලුවන්

ඔබ ලබා ගන්නා ඡායාරූප විකුණා පහසුවෙන්ම මුදල් උපයන්න දැන් පුලුවන්



ඔබ තවමත් Picture.lk සමග එක් වී නොමැති නම් දැන්ම www.picture.lk පිවිස ඔබගේ ගිණුම පහසුවෙන්ම නිර්මානය කරගන්න.. My Information පිවිස ඔබගේ  නිවැරදි ‍තෝරතුරු ඇතුලත් කර ඔබගේ ගිණුම සම්පූර්ණ කැරන්න..

පසුව Payout Preferences පි‍ටුවට පිවිස ඔබගේ බැංකු ගිණුමේ නිවැරදි තොරතුරු ලබා දෙන්න.  ඔබගේ මුදල් ඉපයීම ඩොලර් 25$ උන පසු අප විසින් ඔබගේ බැංකු ගිණුමට මුදල් බැර කරනු ඇත.






ඡායාරූප එකතු කිරීම සහ මිළ ගනන් එකතු කිරීම

ඡායාරූප එකතු කිරීමට පළමුව අපගේ ඡායාරූප එක් කිරීමේ පි‍ටුවට පිවිසෙන්න..

ඡායාරූප විකිණීමට පෙර ඔබ අපගේ උපදෙස් පිළිපැදීම අනිවාර්‍යවේ.. අපගේ උපදෙස් පිටිවට පිවිසෙන්න මෙතනින්



  • මූලික වශයෙන් ඔබ එක් කරන ඡායාරූප ඔබ විසින්ම ලබා ගන්නා ඡායාරූප විය යුතු අතර , අන්තර්ජාලයෙන් ලබා ගන්නා ඡායාරූප එකතු කිරීම සම්පූර්ණයෙන් තහනම්.. එසේ එක් කරන ඡායාරූප අප විසින් ඉවත් කරනු ලබයි

  • ඡායාරූප විකිණීම සඳහා ඔබ විසින් එකතු කරන ඡායාරූප Original Resolution විය යුතුය.. 

  • විකිණීම සඳහා එකතු කරන ඡායාරූප වලට Watermark, Logo දැමිය නොහැකිය... අප විසින් ඔබගේ ඡායාරූපය ආරක්ෂා කිරීම සඳහා Watermark එකක් එකතු කරනු ලබයි..



සියළු උපදෙස් කියවීමට මෙතනින් යන්න

ඉහත උපදෙස් වලට අනුව ඔබ ක්‍රියා කරන්නේ නම් ඔබගේ ඡායාරූප විකිණීමට  වම් පස කෙළවරේ ඇති " Enable Selling " Enable කරන්න



ඔබ එක් කරන ඡායාරූප  වලට පැහැදිලිව සහ විස්තරාත්මක තොරතුරු ලබා දෙන්න( Title , Tag, Description ) .. එවිට ඔබගේ ඡායාරූපය ගූගල් වැනි සෙව්ම් යන්ත්‍ර වලට පහසුවෙන්ම හසු වේ..ඉන් ඔබගේ ඡායාරූපය හිමිවන අගයද වැඩි වේ

"Enable Selling" On කර පසු ඡායාරූප වලට මිළ ගනන් එකතු කිරීමට මෙවැනි Option එකක් ලැබේ


මෙහිදි Standard සහ Expanded License යනුවෙන් අංශ දෙකක් සඳහා ඔබට කැමති මිළ ගනන් ඇතුලත් කළ හැකිය..

License පිළිබඳව වැඩි දුර තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න - Read Article 

මිළ ගනන් ඇතුලත් කිරීමේදී ඉලක්කම් පමණක් ඇතුලත් කරන්න.. මිළ ගනන් ඇමරිකන් ඩොලර් වලින් භාවිතා වේ


ඉහත සියල්ලම නිවැරදිව සිදු කළ පසු ඔබගේ ඡායාරූපය ඔබ එක් කල මිළ ගනන් ඇතුලත්ව අපගේ වෙබ් අඩවියේ මෙසේ දිස් වේ


මෙහිදි  ඔබ විසින් එක් කරන ලද ඡායාරූපයක් යම් කිසි කෙනෙකු මිළදී ගතහොත් ඔබට  අදාල මුදලෙන් 80% මුදලක් ලැබෙනු ඇත.. 

ඔබගේ මුදල් ඉපයීම ඩොලර් 25$ උන පසු අප විසින් ඔබගේ බැංකු ගිණුමට මුදල් බැර කරනු ඇත.

වැඩි දුර තොරතුරු  සඳහා අපව සම්න්ද කරගන්න 

Tuesday, December 19, 2017

ඔවුන්ගේ ටකරන් මුඩුව වෙනුවට පන්ති කාමරයක් හදන්න ඔබත් දායක වෙන්න

ගුරු ගෙදරට සෙවනක් වෙමු ! 



අව් වැසි සමග පොර බඳිනා සීතල සුළං වැසි සමඟ සටන් වදින අප රටේ තවත් එක් පාසලක සිසු දරුකැළකගේ එකම අපේක්ෂාව ඉ‍ටු කිරීමේ මහා ප්‍රයත්නය අපගේ මෙම වෑයම එවන් සිසු දරු කැළකගේ නැණස් පෑදීමට සහායක් ලෙස ඔවුන්ගේ අපේක්ෂාව සාත්ශාත් කරණයටයි..





බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල අධ්‍යාපන කළාපයේ පොල්ගහාඅරාව ග්‍රාමයේ මහ විලය නම් වූ මෙම පාසල සිසුන් 158කින් හා ගුරුවරුන් 12 ගෙන් යුත් කුඩා පාසලකි, එහි සිසුන් හට ඉගැනීම සඳහා ගොඩනැගිලි දෙකක් පමණක් තිබෙන අතර , අනෙකුත් ගොඩනැගිල්ලේ කාර්යාලය සහ පුස්තකාලය පවත්වාගෙන යනු ලබයි.එහි හතර ශ්‍රේණිය සඳහා පන්තිකාමරයක් මේ වන විට නොමැති හෙයින් ඒ සඳහා තහඩු සෙවිළි කළ සැකසු මඩුවක පන්තිකාමරය පවත්වාගෙන යනු ලබයි. ඉදිරි වසරේ දී ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටීමට නියමිත මෙම සිසු දරු කැළට මෙම පන්ති කාමරය සකසා දීම අපගේ මූලික අපේක්ෂාවයි..

මෙම පාසල අප විසින් ප්‍රතම වරට 2017/11/10 වන දින සිට 2017/11/12 වන දින තෙක් තින තුනක " සැමට අධ්‍යාපන සංකල්පය " යටතේ ව්‍යාපෘතියක් මගින් දැනට පවතින එක් පංති කාමරයක් හා ක්‍රීඩා පිටිය අලුත්වැඩියා කරන ලදි..එහි දෙවන අදියර ලෙස ඉහත සඳහන් ව්‍යාපෘතිය අප විසින් ‍තෝරා ගෙන ඇති ඒ සඳහා වැය වන මුදල දැනට ඇස්තමේන්තුකරෑති අකාරයට රුපියල් ලක්ෂ 4ක් පමණ වැය වේ..එම නිසා ඒ සඳහා ඔබේ සියළු දෙනාගේ හැකි පමණ ආධාරය හා උපකාරය මෙම සත්ක්‍රිකාවට දායක කරන ලෙස ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමු..

පහතින් දිස්වන්නේ හෙට දින ලොව බැබලීමට  වෙර දරණ කුඩා දරුවන් හා අප විසින් සදා දීමට නියමිත අංග සම්පූර්ණ පන්ති කාමරයේ දළ සැළැස්සමයි..



නාගරික සිසුන් සුවපහසු අසුන් වල හිදිමින් සුවසේ ආරක්ෂිත පන්ති කාමර වල ඉගෙනුම ලැබුවද , මෙම දරුවන් ටකරන් මඩුවල  හිදිමින් සිය අනාගතය ජයග්‍රහණය කිරීම උදෙසා ප්‍රයත්න දරමින් දිඳින දුක් ගැහැට ලොවක් නොදකින්නේ මන්ද? මෙසේ ලක් දරුවන් කුඩම්මාගේ සැළකිලි ලබමින් ළමා දිවිය අනියත බියකින් වෙළා තිබිය ය්තුද? හෙට ලොව භාර ගැනීමට සිටින පුංචි මල් කැකුළුවන් දුවාදරුවන්ගේ අනාගතය සුරක්ෂිතව තැබීමට ඔබට අපට යුතුකමක් ඇත..ඒ නිසා ඔබත් අපත් ඒ යුතුකම ඉ‍ටුකිටීමට එක්වෙමු.පොල්ගහාරාව විද්‍යාලයේ ඉදිකිරීමට අපේක්ෂිත සුරක්ෂිත නව පන්ති කාමරය ඉදි කිරීමේ මහා පුණ්‍යකර්මයට දායක වී ඔබත් අප හා පින්කෙත් වපුරවමු...

වැඩි විස්තර සඳහා
078 918 7791 / 0716787930  
( ගනිදු ප්‍රේමචන්ද්‍ර )



Sunday, January 1, 2017

ඔබේ නගරය අවට සිටින දක්ෂ වෘත්තීමය ඡායාරූප ශිල්පීන් Picture.lk තුලින් පහසුවෙන් සොයාගන්න

ඔබේ නගරය අවට සිටින දක්ෂ වෘත්තීමය ඡායාරූප ශිල්පීන් Picture.lk තුලින් පහසුවෙන් සොයාගන්න 






සුභ අලුත් අවුරුද්දක් ඔබ සැමට ! Picture.lk කියන්නේ ලංකාවේ ඕනෑම කෙනෙක්ට ඔවුන් ලබාගත් ඡායාරූප නිදහසේ බෙදාගන්න නිර්මාණය කළ වෙබ් අඩවියක්...අද වෙනකොට දේශීය සහ විදේශීය අන්තර්ජාල බාවිතා කරන්නන් විශාල සංඛ්‍යාවක් වෙබ් අඩවිය භාවිතා කරනවා ශ්‍රී ලංකාවේ ඡායාරූප නරඹන්න..අප වෙබ් අඩවිය විසින් සාමාජිකයින්හට විවිධ වැඩසටහන් ආරම්භ කරලා තියනවා ඔවුන්ගේ ඡායාරූප වලින් උපරිම ප්‍රයෝජනයක් ලබා ගන්න හැකිවන පරිදි.. 

සාමාජිකයින් අතරේ ශ්‍රී ලංකාවේ ඉන්න වෘත්තීමය ඡායාරූප ශිල්පීන් දහහස් ගනනක් අප වෙබ් අඩවිය භාවිතා කරනවා....ඉතින් අපි හිතුවා ඔවුන් වෙනුවෙන්ම අලුත් වැඩසටහනක් නිර්මාණය කරන්න..

ඔබත් දක්ෂ ඡායාරූප ශිල්පියෙක්නම් ඔබටත් එකතුවෙන්න පුළුවන් ඔබේ ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න..මේ සදහා අප විසින් කිසිදු මුදලක් ලබා නොගන්නා අතර සම්පූර්ණ සේවාව නොමිලයේ ඔබට ලබා දී තිබේ..ඔබත් උත්සව අවස්ථා හෝ මංගල ඡායාරූප ලබාගන්න  ඡායාරූප ශිල්පියෙක්නම් ඔබටත් දැන්ම මේ වැඩසටහනට එක්වෙන්න පුළුවන්..

ඔබ ඡායාරූප ශිල්පියෙක් සොයනවානම් ඔබට මෙම සේවාව තුලින් පහසුවෙන්ම දක්ෂ ඡායාරූපශිල්පියෙක් ‍තෝරාගන්න පුළුවන්.. ඔවුන්ගේ ඡායාරූප නරඹන්නත් , ඔවුන් සමහ කතාබහ කරන්නත් , ඔබ නගරය අවට සිටින ඡායාරූප ශිල්පීන්වද මෙමගින් පහසුවෙන් සොයාගන්න පුළුවන්.. මේ සදහාද අප වෙබ් අඩවිය විසින් නොමිලේ සේවාව සපයනවා.. ඔබට දක්ෂ වගේම පළපුරුදු ඡායාරූප ශිල්පියෙක් මේ වැඩසටහන මගින් පහසුන් සොයාගන්න පුළුවන්..

ඉදිරියේදී ඡායාරූප ශිල්පීන් වෙන්කරවා ගැනීමටත් , ඔවුන්ට මුදල් ගෙවීමටත් හැකිවන පරිදි නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා..ඒ වගේම තවත් විශේෂාංග කිහිපයක් ඇතුලත් කරන්න අප සූදානමින් සිටිනවා..

ස්තූතියී..

කාර්‍ය මණ්ඩලය

Thursday, October 6, 2016

Picture.lk 360 Video සමගින් ලංකාව වටා සැරිසරන්න




Picture.lk වෙබ් අඩවිය විසින් 2014 දි ආරම්භ කරපු වැඩසටහනක් තමයි Pano.picture.lk ( Virtual Tour ) ..අන්තර්ජාලයේ නවතම තාක්ෂණයක් වන VIRTUAL TOUR වලින් දේශීය හා විදේශීය උරුමයක් වන ශ්‍රී ලංකාවේ වටිනා ස්ථාන නැරඹීමට දේශීය හා විදේශීය සංචාරකයින්ට පරීක්ක්ෂණ කටයුතු හා අධ්‍යාපනික කටයුතු සදහා එය ගොඩක් උපකාරී උනා..දැනට ලංකාවේ වටිනා ස්තාන රාශියක් මෙම තාක්ෂණය ඔස්සේ අප නිර්මාණය කර අවසන්.. ඒ වගේම එම වැඩ සටහනට ලැබෙන ප්‍රතිචාරත් දිනෙන් දින වැඩි වෙනවා.. 2015 වර්ෂයේදී අපි VR පහසුකමද ලබා දෙමින් ලංකාවේ පළමු වරට අලුත් අත්දැකීමක්  ශ්‍රී ලාංකිකයන්ට ලබා දුන්නා..

අපගේ නවතව වැඩ සටහන වන්නේ 360 Video තාක්ෂණය මගින් ලංකාවේ වටිනා ස්තාන ආවරනය කිරීමයි.. එය 4K සහ VR පහසුකම සහිතව ඔබ වෙත ගෙන ඒමට අපට පුළුවන් උනා.. 360 Video පිළිබද විස්තරයක් පහත වීඩීයෝ එක නරඹා ලබා ගන්න පුළුවන්..





අලුත් අත් දැකීමක් ලබා  ගන්න ඔබත් දැන්ම පිවිසෙන්න

Sunday, May 15, 2016

ඔබ ලබා ගත් ඡායාරූප වලට වටිනාකම් ලබා දෙන අපේ රටේ වෙබ් අඩවිය - Picture.lk




Facebook සහ Instagram කියන්නේ අද ගොඩක් දෙනෙක් පාවිච්චි කරන සමාජ ජාලා වෙබ් අඩවි.ඉතින් ගොඩක් දෙනෙක් මේ වෙබ් අඩවි හරහා ඡායාරූප හුවමාරු කරගන්නවා..නමුත් ඔබ නොදැනුවත්වම ඔබ ලබාගත් ඡායාරූප වලට වටිනාකමක් ලැබෙන්නේ නෑ..ඒ ඔබ ලබාගත් ඡායාරූප දකින පිරිස සීමිත සංඛ්‍යාවක් නිසාත් , එම ඡායාරූප අන්තර්ජාල සෙවීම් යන්ත්‍ර වලට හසු නොවන නිසාත්.. Facebook වගේම ගොඩක් දෙනෙක් Instagram ඡායාරූප බෙදා ගැනීමේ වෙබ් අඩවියත් තමන්ගේ වගේම ඡායාරූප ශෙයා කරන්න යොදා ගන්නවා.. නමුත් ඔබ ලබාගත් ඡායාරූප නරඹන්නන් පිරිස සහ එම ඡායාරූප වලින් ප්‍රෝයෝජන ගන්නා පිරිසනම් අඩුයි.මොකද එම ඡායාරූප නරඹන්න ඔබේ මිතුරෙක් වීමට අවශ්‍ය නිසාත්, තවත් කෙනෙක්ට පහසුවෙන් එම ඡායාරුප මෙම සමාජ ජාලා වෙබ් අඩවි වලින් පහසුවෙන් සොයා ගැනීමට අපහසු වීමත් නිසා..

ඉතින් ඔබ ලබාගත් ඡායාරූප වලට ලොකු වටිනාකම් ලැබෙන්නේ නෑ..දැන් අපි ඔබට කියන්න යන්නේ එහෙම වටිනාකමක් ලැබෙන්නේ නැති ඡායාරූප වලට වටිනාකම් ලබා ගන්න හදපු අපේ රටේ වෙබ් අඩවියක් ගැන..

Picture.lk කියන්නේ 2013 වසරෙදි නිර්මාණය කරපු වෙබ් අඩවියක් වගේම අද වෙන විට ලංකාවේ තිබෙන විශාලතම ඡයාරූප වෙබ් අඩවිය.ගොඩක් දෙනෙක් කියන්නේ ලංකාවේ ඡායාරූප ඇල්බමය කියලා. ඉතින් අපි මේ වෙබ් අඩවිය නිර්මාණය කරන්න ප්‍රධාන අරමුණ තමයි කෙනෙක් ගත්තු ඡායාරූපයක් තවත් කෙනෙක්ට ප්‍රොයෝජනයක් ලබා ගන්න පුළුවන් ආකාරයට නිර්මාණය කිරීම..ශ්‍රී ලංකාව කියන්නේ ලෝකයේ තියන් ලස්සනම රටක් වගේම දෙස් විදෙස් සංචාරකයින්ගේ පාරාදිසයක්.ඉතින් ලංකාවේ වගේම ගොඩක් විදේශිකයෝ ලංකාව ගැන විස්තර සොයනවා, ඡායාරූප බලනවා..මෙහෙම ගවේෂණය කරන අයට වෙබ් අඩවිය විශාල දායකත්වයක් දක්වනවා..ලංකාවේ බොහෝ ස්තාන වල ඡායාරූප වගේම කෙනෙට ප්‍රයෝජනවත් ඡායාරූප දහස් ගනන් එකතු කරලා තියෙන්නේ අපේම ශ්‍රී ලාංකිකයන්..ඕනම කෙනෙක්ට Picture.lk ගිණුමක් පහසුවෙන්ම නිර්මාණය කරලා තමන් ලබාගත්තු ඡායාරූප එකතු කරන්න පුළුවන්..



පහත ඡායාරූපයේ තියෙන්නේ එසේ එකතු කරන ඡයාරූප ඇතුලත් ඔබේ ගිණුමයි..



දැන් ඔබට අපි කියන්න යන්නේ මෙහෙම එකතු කරපු ඡායාරූප වට වෙබ් අඩවියෙන් කොහොම ද වටිනාකමක් ලැබෙන්නේ  කියලා..ගොඩක් දෙනෙක්  ලංකාවේ විවිධ ස්තාන වගේම ඡායාරූප සොයන්න බාවිතා කරන්නේ Google සෙවීම් යන්ත්‍රය.ඉතින් ගූගල් විසින් සොයා දෙන්නේ යම් කිසි කෙනෙක් කිසියම් හෝ වෙබ් අඩවියකට ඇතුලත් කරපු ඡායාරූප..මෙසේ ගූගල් සෙවීම් වලට ඡායාරූප අසු වෙන්න Picture.lk වෙබ් අඩවිය විසින් විවිධ ක්‍රම බාවිතා කරලා තියනවා,  ඒ කියන්නේ ඔබ Picture.lk වෙබ් අඩවියට ඇතුලත් කරන ඡායාරූප ගූගල් වෙබ් අඩවියේද දිස් වෙනවා ඒ විතරක් නෙමේ ගූගල් සෙවීම් මගින්ද ඔබේ ඡායාරූප නරඹන්න පැමිණෙනවා..මේ වගේ  අධ්‍යාපණික වශයෙන් වගේම විවිධ අවශ්‍යතා සදහා පුද්ගලයින් ලංකාවේ ඡායාරූප ගවේශනය කරනවා..ඉතින් ඔවුන්ට උපකාරි වන්නේ ඔබ විසින් ලබා ගත් ඡායාරූප. 

පහත දැක්වෙන්නේ ඊට උදාහරණ කිහිපයක් 







                 මේ වගේ දිනකට දහස් විශාල සෙවීම් ප්‍රමාණයක් සිදුවන බව අප විසින් සොයාගෙන තිබෙනවා..ඒ අනුව බොහෝ දෙනෙක්ට ඔබ විසින් ලබා ගත් ඡායාරූප බොහෝ උප කාරි වෙනවා.. 

ඔබත් ඔබේ ජංගම දුරකථනයෙන් වගෙම කැමරාවෙන් ලංකාවේ විවිද ස්තාන වගෙම වටිනා ඡායාරූප ලබා ගෙන ඇති එසේනම් එම ඡායාරූප වලට වටිනාකමක් ලබා ගන්න ඔබත් දැන්ම වෙබ් අඩවියට එක්වන්න.




වෙබ් අඩවියෙන් ලබා ගන්න පුළුවන් ප්‍රෝයෝජන ගොඩක් තිබෙනවා ඒ පිළිබදව වැඩි විස්තර සදහා මෙතනින් පිවිසෙන්න


Picture.lk පිළිබදව සහ වෙබ් අඩවියෙන් ඇති ප්‍රයෝජන


ඒ වගෙම අප විසින් ඔබට මුදල් සෙවිය හැකි වැඩ සටහන් කිහිපයක්ද ආරම්භ කරලා තියනවා..ඒ පිළිබද විස්තර මෙතනින්